පසුගිය දිනයේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් රදවා තබාගෙන සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙක් නිදහස් කර තිබෙනවා. එයින් එක් කාන්තාවක් ප්‍රකාශ කර තිබෙන්නේ ඇයව පසුගිය 7 වෙනිදා පැහැරගෙන ගාසා තිරය වෙත රැගෙන යන අතරතුරේදී හමාස් සටන්කාමීන්ගේ පහරදීම්  වලට ලක් වූ බවයි.