ජාත්‍යන්තර වෙළඳපළේ මිල වෙනස් නොවුනද ලිට්රෝ සමාගම මිල අඩු කිරීමට තීරණය කරයි.

 


පවතින ආර්ථික රටාවත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට ඇත්තටම යම්කිසි අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල අඩුවීම ඔවුන්ගේ එදිනෙදා දෛනික ජීවිතයට විශාල වාසි සහගත අවස්ථාවක්.එම නිසාම නිරන්තරයෙන්ම පාරිභෝගික ජනතාව ගැන සිතන ලිට්රෝ සමාගම පසුගිය මාස කීපයේදීම ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීම සිදු කළා.

නැවත වතාවක් ලාභය ගැන නොසිතන හුදෙක් පාරිභෝගික ජනතාව ගැන සිතන ලීටර් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීමට කටයුතු කර ඇත.ඒ අනුව,

12.5 kg සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු වන අතර එහි නව මිල රු.3790.00වන අතර

5Kg සිලින්ඩරයක මිල රුපියල් 60 කින් අඩු වූ අතර එහි නව මිල රු.1522.00 ලෙස සඳහන් වන අතර

2.3 Kg සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු වන අතර එහි නව මිල රු.712.00ක් ලෙස සඳහන්වේ.

මිල අඩුවීමෙ නිල නිවේදනය ලිට්රෝ  සභාපති ගරු මුදිත පිරිස් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ජාත්‍යන්තර වෙළඳපළේ මිල වෙනස් නොවුනද ලිට්රෝ සමාගම මිල අඩු කිරීමට තීරණය කරයි. ජාත්‍යන්තර වෙළඳපළේ මිල වෙනස් නොවුනද ලිට්රෝ සමාගම මිල අඩු කිරීමට තීරණය කරයි. Reviewed by Idapz Digital on 5:26 AM Rating: 5

No comments:

Powered by Blogger.