ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ  පාරිභෝගිකයන්ට සුභදායී වන ආකාරයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල  පහල දැමීමට ලිට්රෝ සමාගම සූදානම්.

ඒ අනුව මැයි මාසයට අදාළ ලිට්රෝ ගෑස් මිල ගණන් පිළිබඳව සුවිශේෂී ප්‍රකාශයක් ලිට්රෝ සභාපති  ගරු මුදිත පීරිස් මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කළා.  එකී ප්‍රකාශයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්රෝ  සමාගම සූදානම්.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු. 175කින් පහළ යන අතර එහි නව මිල රු.3940.00  දක්වා පහත යයි.

ඊට අමතරව 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් පහළ යන අතර එහි නව මිල  රුපියල් 1582ක් ලෙස සඳහන්වේ.

ඒ වගේම 2.3kg  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් පහළ යන අතර එහි නව මිල රුපියල් 740 ක් ලෙස සඳහන් වේ.


ජනතාවට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීම ඔවුන්ගේ මූලික අරමුණ බව අවසානයේ ලිට්රෝ  සභාපති ගරු මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කරයි.  ලිට්රෝ  ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ  සමාගම තීරණය කරයි. Reviewed by Idapz Digital on 7:24 PM Rating: 5

No comments:

Powered by Blogger.