ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් ඇතිවෙමින් පවතින මොහොතක මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර නිසා ගාසා තිරයේ උතුරු ප්‍රදේශයේ ජබාලියා සරණාගත කදවුරේ සරණාගතයින් 30 කට වඩා වැඩි පිරිසක් ඝාතනය වී තිබෙනවා. මේ වන විට පලස්තීන පාලනය යටතේ පවතින බටහිර කදවුරේ මාර්ග සහ හානි වූ වාහන ඊශ්‍රායල බුල්ඩෝසර් යොදා සමතලා කරන ආකාරය එක්ස් සමාජ ජාලයේ පල කර තිබුනා. කෙසේ වෙතත් මෙම සිදුවීම සිදු වූ රාත්‍රියේ තරුණ පලස්තීන ජාතිකයන් පස් දෙනෙක් මරණයට පත් වූ බවත් සමාජ මාධ්‍ය වල සදහන් වී තිබුනා.