ඊශ්‍රායල රජය දින හතරක සටන් විරාමයක් සදහා එකග වී තිබෙනවා. ඒ හමාස් ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවා වෙන සිටින ඉශ්‍රායල ජාතිකයන් 50 දෙනෙක් නිදහස් කිරිමේ පොරොන්දුව යටතේයි. ඒ අනුව මෙම ප්‍රාණ ඇපකරුවන් 50 දෙනාට අමතරව නිදහස් කරන සෑම ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙක් සදහාම සටන් විරාමය දිනයකින් දීර්ඝ කිරීම් ඊශ්‍රායලයේ එකගතාවය බවට පත් වී  තිබෙනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර තිබෙන්නේ මෙම එකගතාවය කෙසේ වෙතත් යුද්ධය නවත්වා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.