හමාස් ත්‍රස්තවාදීන් විසින් පසුගිය ඔක්තෝම්බර් 7 වෙනිදා ඊශ්‍රායලයට කඩා වැදි සිදු කල අමානුෂික ප්‍රහාරයට අද දිනය වන විට මාසයක් ගත වී අවසන්.මෙම අමානුෂික ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඊශ්‍රායල හමුදා විසින් ආරම්භ කල අඛන්ඩ යුධ මෙහෙයුම් නිසා මේ වන විට ගාසා තීරයේ මිය ගිය පලස්තීනුවන් ගණන දස දහස් දහසක්. කෙසේ වෙතත් ඊයේ  දිනයේ  ඒබීසී මාධ්‍ය ජාලය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර සිටියේ මෙම ගැටුම් වලින් පසු ගාසා තීරයේ නිදහස සහ ආරක්ශාව වෙනුවෙන් ඊශ්‍රායලය කොන්දේසි විරහිතව පෙනී සිටින බවයි. එම ප්‍රකාශයෙන් තහවුරු වෙන්නේ මෙම යුධ ගැටුමෙන් පසු ගාසා තීරය ඊශ්‍රායලයට බද්ධ කර ගනිමින් ඒකාබද්ධ පාලනයක් ගෙන යාමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවය

තවත් බොහෝ විස්තර පහත තිබෙන වීඩියෝව තුලින් නරඹන්න.