ඔක්තෝම්බර් 7 වෙනිදා ඊශ්‍රායලයට එල්ල වුන ප්‍රහාරය කොයිතරම් නම් දරුණු සාහසික ප්‍රහාරයක් වුනාද කියන කාරණය අපි හොදින්ම දන්නවා. ලෝකය පුරාම මේ සිදුවීම හැදින්වුනේ ඊශ්‍රායලයේ ඉන්ටලිජන්ස් ෆේලියර් එකක් විදියටයි. අරාබි රටවල් වලින් වටවුණ ඊශ්‍රායලය මේ වගේ ප්‍රහාරයක් බලාපොරොත්තු උනත්, තමන්ගේ රටට දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව ලබා දුන්නත් අවසානයේදී, ඊශ්‍රායල දේශ සීමාවෙන් ඇතුල් වුන හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයේ දහසකට අධික සිවිල් මිනිසුන් පිරිසක් කපලා කොටලා ඝාතනය කලා. ඊශ්‍රායල රජය මේ සිදුවීම සම්බන්ධයෙන්, ඒ කියන්නේ ඔවුන්ගේ රට තුල සිදුවුණ අවාසනාවන්ත සිදුවීමට වගකිවයුතු පාර්ශවයන් රැසක් මේ වෙනකොටත් හදුනාගෙන ඉන්නවා. නමුත් ඒ පාර්ශවයන් සෙවීම ටිකකට පසෙකින් තබපු ඊශ්‍රායලය මේ ප්‍රහාරයේ මහ මොළකරුවන් දඩයම් කරන්න පටන් ගත්තා.