ඊශ්‍රායල සහ හමාස් යුද්ධයේ මේ වන විට ගත වෙමින් තිබෙන්නේ 91 වන දිනයයි. දිගින් දිගටම හමාස් ත්‍රස්තවාදී කල්ලියට පහර පිට පහර ලබා දෙන ඊශ්‍රායල හමුදා, ඊයේ දිනයේදීත් තවත් ප්‍රබල නායකයෙක් ඝාතනය කිරීමට සමත් වුනා. ඒ ඉස්ලාමීය ජිහාඩ් විප්ලවීය කල්ලියේ, ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි ප්‍රධානී, මොහොමඩ් ලොලෝ නම් ත්‍රස්තවාදී නායකයායි. ඔක්තෝම්බර් 7 වෙනිදා ප්‍රහාරය ඇති වීමට පෙර සහ පසුවත් සටන් කල්ලි සංවිධානය කරමින් ලෝකය පුරා ත්‍රස්තවාදය පැතිරවූ නායකයෙක් ලෙස ඔහු හැදින්වෙනවා. ඊශ්‍රායලයට එරෙහිව සිදු කල ප්‍රහාර වලට මූලික වී කටයුතු කල කිහිප දෙනා අතරින් ඔහුට හිමි වෙන්නේ ප්‍රමුඛ පෙලේ ස්ථානයක්. මෙම ත්‍රස්තවාදී නායකයා ඝාතනය කලේ අති දක්ෂ හමුදා සොල්දාදුවන්ගෙන් සමන්විත ශින් බෙට් ඊශ්‍රායල හමුදා ඛන්ඩය විසිනුයි.