මුස්ලිම් ජනතාව අතිශය ආගමික භක්තියකින් අදහන ඔවුන්ගේ ප්‍රධාන පෙලේ ආගමික උත්සවයක් වෙන රාමදාන් උත්සවය සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනාත්මක කතා බහක් නිර්මාණය වී තිබෙන බව අපි ඊයේ දිනයේදීත් සදහන් කලා. රාමදාන් උත්සවයත් සමග ගාසා තිරයේ ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ගැටුම් අතිශයින් සංවේදී කාල සීමාවක් කරා ගමන් කරමින් සිටිනවා. සාමාන්‍යෙන් මුස්ලිම් ජාතිකයන් මෙම කාල සීමාව තුල තමන්ගේ ආගමේ සදහන් ආකාරයට ආගමික උපවාසයක නිරත වෙනවා. කෙසේ වෙතත් මුළු ලෝකයේම අවධානය දිනා ගනිමින් පසුගිය දිනයකදී හමාස් ත්‍රස්තවාදී නායක ඉස්මයිල් හනියේහ් රාමසාන් සමයේදී පා ගමනක් සදහා සහභාගී වෙන ලෙසට  සියළුම පලස්තීනුවට ආරධනා කර තිබෙනවා. ඔහු මෙම ආරාධනාව සිදු කරමින් සදහන් කර තිබෙන්නේ ජෙරුසෙලමේ අල් අක්සා දේවස්ථානයට සියලුම පලස්තීනුවන්ට පා ගමනින් පැමිණෙන ලෙසයි.