හමාස් නායකයා පසුපස ඊශ්‍රායලය පන්නයි

හමාස් ත්‍රස්තවාදී කණ්ඩායමට එරෙහිව ඊශ්‍රායලය දියත් කරන ගොඩබිම් මෙහෙයුමේ මේ ගත වෙමින් තිබෙන්නේ 84 වන දිනයයි. එවන් පසුබිමක මෙම යුද්ධය තවත් මාස ගණනාවක් පුරා පැවතිය හැකි බව ඊශ්‍රායලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් බිද දැමීමට විශ්මිත විසදුමක් හෝ කෙටි මාර්ගයක් නොමැති බවයි. ඒ සදහා ඇති එකම මාර්ගය අධිෂ්ඨාන පූර්වකව, අඛන්ඩව සටන් වල නිරත වීම බවත් මාස ගණනාවක් ගත වී හෝ තමන් හමාස් නායකත්වය සොයා එන බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා. 

මේ අනුව ඊශ්‍රායල හමුදා හමාස් ත්‍රස්තවාදි නායක යහ්යා සින්වර් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම් තව දුරටත් දැඩි කර තිබෙනවා. ලෝකය පුරා නත්තල සැමරූ කාල වකවානුව තුල ඊශ්‍රායල ප්‍රහාර වඩාත් දරුණු වූ අතර මෙය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනේ “බෙත්ලෙහෙම වැළපෙයි” යනුවෙනුයි.




හමාස් නායකයා පසුපස ඊශ්‍රායලය පන්නයි හමාස් නායකයා පසුපස ඊශ්‍රායලය පන්නයි Reviewed by paththara wisthara on 2:23 AM Rating: 5

No comments:

Powered by Blogger.