ඊශ්‍රායලයට යුද්ධය නවත්වන්න වේවිද?

ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුද්ධයේ මේ ගත වෙමින් තිබෙන්නේ 69 වන දිනයයි. මේ වන විට හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ සැලකිය යුතු පිරිසක් ඊශ්‍රායල හමුදා වෙත බාර වී ඇති පසුබිමක වූවත් ඊයේ දිනයේදී හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රධාන නායකයෙක් වෙන ඉමයිල් හන්යේ කටාර් රාජ්‍යයේ සැගවී සිටිමින් ප්‍ර්කාශයක් නිකුත් කරමින් සදහන් කලේ හමාස් ත්‍රස්තවදී සංවිධානය පලා යාමට සූදානම් නොමැති බවයි. 

කෙසේ වෙතත් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ හමාස් ත්‍රස්තවාදීන් සහ මුලින්ම අවසන් කරන තුරු මෙම ගැටුම් කිසිදු හේතුවක් නිසා නැවැත්වීමට තමන් බලාපොරොත්තු නොවන බවයි. 

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ මෙන්ම දකුණු ප්‍රදේශයේත් දරුණු ලෙස ගැටුම් ඇති වී තිබෙන අතර උතුරු ගාසා ප්‍රදේශයේ ත්‍රස්තවාදී ඉලක්ක 15 ක් සාර්ථකව විනාශ කිරීමට ඊයේ ඊශ්‍රායල හමුදාව සමත් වී තිබුණා.



ඊශ්‍රායලයට යුද්ධය නවත්වන්න වේවිද? ඊශ්‍රායලයට යුද්ධය නවත්වන්න වේවිද? Reviewed by paththara wisthara on 11:35 PM Rating: 5

No comments:

Powered by Blogger.