හිස්බුල්ලන්ට ඊශ්‍රායලය එලව එලවා පහර දෙයි
මාස තුනකටත් වඩා අධික කාලයක් පුරා දරුණු ලෙස ඇවිලී යන ඊශ්‍රායල හමාස් යුධමය සටන් වල මේ ගත වෙම්න් තිබෙන්නේ 96 වන දිනයයි. හමාස් ත්‍රස්තවාදින්ට සහය දක්වමින් ලෙබනනයේ සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට හිස්බුල්ලා ගරිල්ලන් කටයුතු කරන බව අපි මීට පෙර ඔබ දැනුවත් කලා. ඊශ්‍රායලයේ දේශ සීමා ඉලක්ක කරමින් එල්ල කරන මෙම ප්‍ර්හාර වලට මේ වන විට ඊශ්‍රයල හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඒ අනුව ඊශ්‍රායලය ඊයේ දිනයේදී ඊශ්‍රායල දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබෙන ලෙබනනයේ ගම්මානයක් වෙන ක්ෆාර් කිලා නම් ගම්මානයට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා ගරිල්ලන්ගේ ප්‍රධාන නායකයෙක් වෙන කමාන්ඩෝවරයෙක් ලෙස කටයුතු කල අලි හුසේන් බුර්ජි නම් පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
හිස්බුල්ලන්ට ඊශ්‍රායලය එලව එලවා පහර දෙයි
Reviewed by paththara wisthara
on
12:25 AM
Rating:

No comments: