ප්‍රබල සටනට ඇමරිකාවත් එකතු වෙයි

රතු මුහුදේ යාත්‍රා කරන නෞකා වලට බාධා කරමින් දිගින් දිගටම නෞකා වලට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කල යේමනයේ හවුති සටන්කාමීන්ගේ ඉලක්ක ගත කදවුරු වලට ඊයේ රාත්‍රියේදී ඉතිහාසයේ එල්ල වූ ප්‍රබලතම ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාව ප්‍රමුඛ ඔවුන්ගේ මිතුරු සන්ධාන රටවල් කටයුතු කලා. මෙම ප්‍රහාරයේ මූලික ස්ථානය ගෙන කටයුතු කර තිබුනේ ඇමරිකා යුධ හමුදාවයි. 

ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කලේ ඔවුන්ගේ අනතුරු ඇගවීම් නොතකා දිගින් දිගටම ලෝකයේ අතිශයින් වැදගත් නාවික මාර්ගයක් වන රතු මුහුදේ ගමන් කරන වාණිජ නෞකා වලට හවුති ත්‍රස්තවාදීන් එල්ල කරන ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර දැක්වීමක් ලෙසයි. නිළ නිවේදනයක් නිකුත් කල ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කලේ, රතු මුහුදේ ඔවුන් සිදු කරන අකටයුතුකම් වලට එරෙහිව මෙම ප්‍රහාරය දියත් කල බවයි.



ප්‍රබල සටනට ඇමරිකාවත් එකතු වෙයි ප්‍රබල සටනට ඇමරිකාවත් එකතු වෙයි Reviewed by paththara wisthara on 11:28 PM Rating: 5

No comments:

Powered by Blogger.