හමාස් ත්‍රස්තයන්ගේ භයානක මධ්‍යස්ථානයක් සොයාගනී

 ඊශ්‍රායල හමුදා මේ වන විට ඛාන් යුනිස් නගරයේ හමාස් ත්‍රස්තවාදී කල්ලියේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන අවසානයි. හමාස් ත්‍රස්තවාදී කල්ලියේ නායක යහ්යා සින්වර්ගේ කාර්යාලය තුල රැදී සිටින ඊශ්‍රායල හමුදා මේ වන විට ගාසා තීරයේ හමුදා බල ඝන 14 ක් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට සමත් වී සිටිනවා. ඒ අනුව මේ වන විට ඊශ්‍රයල හමුදා ලගා වී සිටින්නේ ඊශ්‍රායල හමාස් හමුදා මෙහෙයුමේ අවසන් අදියර වෙතයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේ මේ ගත වෙමින් තිබෙන්නේ 122 වන දිනයයි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ වන විට ගාසා තීරය තුල එකදු බිම් අගලක් හෝ ආරක්ෂිත ලෙස නම් කිරිමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ගාසා තීරය පුරාම දරුණු යුධ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊශ්‍රායල හමුදා තමන්ගේ මෙහෙයුම් තව දුරටත් වඩාත් ශක්තිමත්ව සිදු කරමින් සිටිනවා. 



හමාස් ත්‍රස්තයන්ගේ භයානක මධ්‍යස්ථානයක් සොයාගනී හමාස් ත්‍රස්තයන්ගේ භයානක මධ්‍යස්ථානයක් සොයාගනී Reviewed by paththara wisthara on 2:16 AM Rating: 5

No comments:

Powered by Blogger.