ටෙස්ට් ක්‍රිකට් කඩුළු 800ක් දවාගත් ලොව ප්‍රථම හා එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ ‘800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීම  කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝලයේදී සිදුවිය. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා මුත්තයියා මුරලිදරන්ට සුබ පැතූ අතර එම අවස්ථාවේ කරපු ආදරණිය කතාව පහතින් බලන්න පුළුවන්