කරන්දෙණිය හමුදා කඳවුරේ තිබී අස්ථානගත වූ ටී-56 වර්ගයේ ගිනිඅවිය බටපොල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා,මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥය නිහාල් තල්දුව මහතා සඳහන් කළා..

පොලීසිය පැවසුවේ, ගිනිඅවිය සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකරු කරන්දෙණිය යුද හමුදා කඳවුරට අනියුක්ත යුද හමුදා සෙබළෙක් බව ද පොලීසිය පවසනවා.