ගාසා තීරයේ එකම බලාගාරයේ ඉන්ධන අවසන් වීමෙන් පසු ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි වී තිබෙන බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා..

සති අන්තයේ හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරය සම්පූර්ණයනේ වටකර ඇති අතර, විදුලිය, ඉන්ධන, ආහාර, භාණ්ඩ සහ ජලය සැපයීම කපා හැර තිබෙනවා.

ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි වීම යනුවෙන් අදහස් වන්නේ ගාසා තීරයේ ජනතාවට විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන තිබේ, නම් විදුලි ජනක යන්ත්‍ර මත යැපීමට සිදුවන බවයි..