ලෝකයේ යුදෙව්වන් වාසය කරන එකම රට විදියට නම් දරා තිබෙන ඊශ්‍රායලය, මේ වෙනකොට ලෝකයේ තිබෙන බලවත්වම රාජ්‍යයක් බවට පත් වෙලා අවසන්. අපේ රට තරම් තුන් ගුණයකින් කුඩා උනත් ඊශ්‍රායලයේ තාක්ෂණය, යුධ ශක්තිය, අභ්‍යාවකාශ තාක්ෂණය වෙත ලගා වෙන්න වත් තවමත් අපිට හැකියාවක් ලැබිලා නැහැ. ඊශ්‍රායල ඉතිහාසය පුරාවටම ඔවුන් හැදින්වෙන්නේ අතිශයින් සටන්කාමී තමන්ගේ රට වෙනුවෙන් පණ නොතකා සටන් කරන විරුවන් විදියටයි. 1948 වසරේ නිදහස දිනා ගැනීමේ සටන, 1967 වසරේ දින හයේ සටන, යොම් කිප්පුර් යුද්ධය වගේ අභියෝග රැසක් සාර්ථ්කව ජයගත් ඊශ්‍රයලය, මේ සටන් බොහොමයක් ජය ගත්තේ ඔවුන්ගේ ඉතිහාසය පුරා විරෝධාර සේවයක් ඉටු කල යුදෙව් විරුවන් නිසායි. අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඊශ්‍රායලය මේ තරම් කාලයක් ස්වාධීන අභීත රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන්නට උරදී කටයුතු කල එම සටන් විරුවන් පිළිබදවයි