ගාසා තීරය කියන්නේ ඊශ්‍රායල හමාස් යුද්ධය නිසා මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වගේ විනාශ වී ගොස් තිබෙන භූමි ප්‍රදේශයක්. විදේශීය මාධ්‍ය වාර්තා කරන විදියට මේ වෙනකොට එකදු මිනිසෙකුට හෝ ආරක්ෂාකාරීව ජීවත් විය හැකි බිම් අගලක් ගාසා තිරය තුල ඉතිරි වී නැහැ. ඔක්තෝම්බර් 7 වෙනිදා ඊශ්‍රායලයට හමාස් ත්‍රස්තවාදීන් විසින් එල්ල කල ප්‍රහාරයෙන් පසුව ඇරඹුනු ගොඩබිම් මෙහෙයුම් නිසා පලස්තීන ජනතාව අතිශයින් කණගාටුදායක ඉරණමකට පත් වී තිබෙනවා. ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව පලිහක් ලෙස යොදා ගැනීමට උත්සාහ කිරීම නිසාම මේ වන විට දහස් ගණනක් වූ කාන්තාවන්, දරුවන් සහ සිවිල් ජනතාව මරුමුවට පත් වී අවසන්. මේ වන විට ඊශ්‍රායල හමුදා ඛාන් යුනිස් නගරය අත් පත් කර ගැනීමේ දරුණු සටන් වල නිරත වෙනවා. මේ හැමදේම ගැන වැඩි දුර තොරතුරු අද විඩියෝවෙන් අපි කතා කරමු.