හමාස් සංවිධානයේ ප්‍රධාන නායකයන් රැසකට වැඩ වදරින ලකුණු
දකුණු ගාසා තීරයේ ප්‍රබල මෙහෙයුම් වල නිරත වී සිටින ඊශ්‍රායල හමුදාව බෙයිට් ලහියා ප්‍රදේශයෙන් අති විශාල ආයුධ තොගයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අංශය නිවේදනය කරන්නේ මෙම ස්ථානය ගාසා තීරයේ මෙතෙක් හමු වූ විශාලතම අවි ආයුධ ගබඩාව බවයි.
මෙම ගබඩාව තුල තිබී රොකට් සහ රෝකට් විදින, යුධ ටැංකි නාෂක මිසයිල, ඩ්‍රෝන සහ පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හමු වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ඊශ්‍රායල හමුදා උතුරු සහ දකුණු ගාසා තීර දෙකම ක්‍රමයෙන් වට කිරීමට කටයුතු කරමින් සිටිනවා.
එහි ප්‍රධානතම අරමුණ බවට පත් වී තිබෙන්නේ ත්‍රස්තවාදීන් පැන යාම වලක්වා ගැනීමයි. මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් “පණ පිටින් වල දැමිය යුතු ත්‍රස්තවාදීන්” යනුවෙන් නම් කර තිබෙන හමාස් ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කිරීමේ මෙහෙයුම් සීඝ්‍රයෙන් වේගවත් කරමින් සිටිනවා.
හමාස් සංවිධානයේ ප්‍රධාන නායකයන් රැසකට වැඩ වදරින ලකුණු
Reviewed by paththara wisthara
on
7:54 PM
Rating:

No comments: