අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයට පෙර ගාසා තීරයේ වැටලීම් කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇතැයි, ඊශ්‍රායල හමුදාව පවසනව.

ප්‍රකාශකයෙකු පැවසුවේ "ත්‍රස්තවාදීන් සහ ආයුධවලින් ප්‍රදේශය පිරිසිදු කිරීම" සහ හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සෙවීම මෙහි අරමුණ බවයි.

උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 පලස්තීනුවන්ට දකුණු ගාසා වෙත ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති අතර සිවිල් වැසියෝ උතුරු ගාසා තීරයෙන් මෝටර් රථ, ට්‍රක් රථවල පිටුපස නැග මේවන විටත් පලා යමින් සිටිනවා..

ඊශ්‍රායල සහ හමාස් යුධ ගැටුමේ අලුත්ම තත්වය මෙන්න..පහත වීඩියෝව නරඹා යුධ ගැටුමේ තවත් අලුත් තොරතුරු දැනගන්න.