තමන්ගේ හමුදා අල් ශිෆා රෝහලේ මෙහෙයුමක නිරත වී සිටින බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබෙනවා. බිබීසී මාධ්‍ය ජාලය ප්‍රකාශ කර තිබෙන්නේ යුධ ටැංකි සහ සොල්දාදුවන් මේ වන විට රෝහලේ හදිසි පිවිසුම හරහා රෝහලට ඇතුල් වෙමින් සිටින බවයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබ්ද්ධව ප්‍රකාශ කරන්නේ අල් ශිෆා රෝහල අභ්‍යන්තරයේ හමාස් ත්‍රස්තවාදීන්ගේ භූගත කදවුරක් පිහිටා තිබෙන බවයි. නමුත් හමාස් සංවිධානය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.