ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ගැටුම් මේ දිනවල පවතින්නේ අතිශයින් භයානක සහ බැරෑරුම් අවධියක බව ඔබ දැනටමත් දන්නවා ඇති. යුද්ධය ආරම්භ වී දින 74 ක් ගත වී ඇති පසුබිමක, මීට දින කිහිපයකට පෙර ඊශ්‍රායල හමුදා පලස්තීන රජයක් යටතේ පවතින බටහිර කදවුරේත් සුවිශේෂී මෙහෙයුමක් ආරම්භ කලා. මෙම මෙහෙයුම පැය 60 කට වඩා කාලයක් බල පැවැත්වුණු අතර එම කාල සීමාවේදී නිවාස සිය ගණනක් පරීක්ෂා කිරිම් වලට ලක් වුණු අතර එහිදී හමාස් ත්‍රස්තවාදී කල්ලියට සම්බන්ධකම් පවත්වන පලස්තීන ජාතිකයන් 60 දෙනෙක් අත් අඩංගුවට ගැනීමට ඊශ්‍රායල හමුදා කටයුතු කලා. ඒ ඔවුන්ගේ නිවාස වල තිබී අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය හමු වූ පසුබිමකයි.