ඊශ්‍රායල හමාස් යුද්ධය පසුගිය ඔක්තෝම්බර් 7 වෙනිදා ආරම්භ වුනේ හමාස් ත්‍රස්තවාදීන් විසින් යුක්‍රේනයට ඇතුල් වී සිදු කල සමූල ඝාතනයෙන් සහ ප්‍රාණ ඇපකරුවන් ගාසා තීරය වෙත රැගෙන යාමේ සිදුවීමත් සමගයි. සති ගණනාවක් පුරා ඇවිලී ගිය යුධ සටන් නිසා හමාස් ත්‍රස්තවාදීන් මෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාවගේත් ජිවීත වලට විශාල හානි සිදු වුනා. ඉන්පසුව ලෝකය පුරා රටවල් වලින් සිදු වූ බලපෑම නිසා සටන් ගිවිසුමකට එකග වීමට දෙපාර්ශවයම කැමැත්ත පල කලා. ඒ අනුව සටන් විරාමය සතියක් වැනි කාලයක් බල පැවැත්වුණු අතර ඒ අතරතුරදී පලස්තීන සිර කරුවන් මෙන්ම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක්ද නිදහස් කෙරුණා. මේ වන විට එම සටන් විරාමය අවසන් වී ඇති අතර ගාසා තීරය පුරා සුපුරුදු ලේ වැගිරීම් ආරම්භ වී තිබෙනවා.