“ඊශ්‍රායලයට ඔවුන් සිදු කල මේ අපරාධයට වන්දි ගෙවන්නම සිදු වෙනවා.” මේ ප්‍රකාශය ඊයේ දිනයේදී සිදු කලේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසිනුයි.  ඒ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය යනුවෙන් හැදින්වෙන සංවිධානයේ ප්‍රධාන පෙලේ නායකයෙක් වෙන බ්‍රිගේඩියර් ජෙනරාල් රයිසි මව්සාවි, සිරියාවේ අග නගරය වන ඩැමස්කස් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන්ප්‍රහාරයකින් මිය ගිය පසුබිමකයි. 

මෙම මරණය නිසා ඉරානය විශාල වශයෙන් කම්පනයට ලක් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනා. එසේම ඉරාන විදේශ අමාත්‍ය අමිර් අබ්දොල්ලාහියන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන්නේ “ඊශ්‍රායලය බරපතල අනතුරකට තමන් විසින්ම ඇද දමාගෙන ඇති බවයි.” කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ඊශ්‍රායල ආරක්ෂක අංශයේ මාධ්‍ය ප්‍රකාශක ඩැනියෙල් හගාරි ප්‍රතික්ෂේප කර තිබෙනවා.