යුදෙව්වන් කියන්නේ තමන්ගේ රටට වගේම ජාතියටත් ආදරය කරන ඉතාමත් සාමකාමී සහ සාධාරණ මිනිසුන් බව අපි කවුරුත් දන්නා කාරණයක්. ඔවුන් තමන්ගේ රටට ආදරය කරන්නේ එකාවන්වයි. නමුත් ඔක්තෝම්බර් 7 වෙනිදා ඔවුන්ගේ රටට එල්ල වුණු නොසිතූ විරූ ප්‍රහාරය නිසා යුදෙව්වන් දහසකට අධික පිරිසකට තමන්ගේ ජිවිතය අහිමි වුනා. ඊශ්‍රායලයේ ආරක්ෂාව කොයිතරම් තර කර තිබුනත් එහි තිබූ සමහරක් සිදුරු වලින් රිංගා ගොස් මේ මහා ව්‍යසනය සිදු කිරීමට හමාස් ත්‍රස්තවාදීන්ට හැකියාව ලැබුණා. ඊශ්‍රායලයේ ඔක්තෝම්බර් 7 වෙනිදා සිදු වූ ප්‍රහාරයේ තවත් එක් ඛේදජනක සිදු වීමක් පසුගිය දිනයකදී හෙලි වුනා. ලෝකයේ සිටින සාමකාමීම ජාතිය වෙන යුදෙව්වන් සලිත කරවීමට සමත් වුණු මෙම සිදුවීම් මාලාව නිසා ඔවුන් තමන්ගේ රටේ තිබෙන සම්පූර්ණ අවි ශක්තිය ගාසා තීරය තුලදී භාවිතා කිරීමට කටයුතු කරමින් සිටිනවා. 

මීට දින කිහිපයකට පෙර හෙලි වූ හමාස් ත්‍රස්තවාදීන්ගේ මිලේච්ජත්වය හා බැදුණු ඒ කතා පුවත ගැන වගේම ඊශ්‍රායල හමුදා මේ වන විට ගාසා තීරයේ භාවිතා කරන මෙතෙක් ලෝකයේ කිසිදු ස්ථානයක භාවිතා නොවුණු අධි තාක්ෂණික යුධ උපකරණ කිහිපයක විස්තර ගැනත් අද විඩියෝවෙන් කතා කරන්න අපි සූදානම්.

එහෙනම් මෙන්න පහත වීඩියෝව තුලින් ඒ සියල්ල නරඹා දැනගන්න.