ඔක්තෝම්බර් 7 වෙනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව හමාස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඇමීලියා අලෝනි නම් කුඩා දැරියක් ඊයේ දිනයේදී ඇතිකරගත් තාවකාලික සටන් විරාමයට අනුව නිදහස් කල ප්‍රාණ ඇපකරුවන් සමග නිදහස ලබා ගැනීමට සමත් වුනා. ඇය විසින් සිදු කල ප්‍රකාශ වලට අනුව හමාස් ත්‍රස්තවාදීන්ගේ සමහරක් උමං මාර්ග වල ස්වාභාවය පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඊශ්‍රායල හමුදා වලට හැකියාව ලැබී තිබෙනවා. නිදහස් වුණු කුඩා දැරිය ඇතුළු ඊශ්‍රායල ප්‍රාණ අපකරුවන් සියලුම දෙනා මතුපිට පොලවේ සිට මීටර 20 ක් ගැඹුරින් වූ උමගක් තුල රදවා තබා තිබෙන අතර ඔවුන් සියලුම දෙනා මෙම අදුරු, පිරිසිදු වාතය නොමැති උමං මාර්ගය තුල වාඩි වී දින ගණනාවක් ගත කර තිබෙනවා. ඔවුන්ට නිදා ගැනීම සදහා ලබා දී තිබෙන්නේ මෙට්ට කිහිපයක් පමණයි. වඩාත් කණගාටුදායක කාරණය වන්නේ දැරිය පැහැර ගැනීමට පෙර ඇයගේ දැස් ඉදිරියේම ඇයගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමට තරම් හමාස් ත්‍රස්තවාදීන් කුරිරු වීමයි. එම සිදු වීම නිසා අතිශයින් කම්පනයට පත් වු දැරිය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් නිදහස ලබා ගත් පසු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කර තිබෙනවා.