ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුද්ධය මැද පෙරදිග කලාපය වෙත පැතිරි යාමේ බියක් පසුගිය කාල වකවානුව තුලදී මතු වී තිබුණා. එම බිය තව දුරටත් තහවුරු වෙන සිදු වීමක් ඊයෙ දිනයේදී මැද පෙරදිග කලාපයෙන් වාර්තා වුනා. ඒ ඉරානය, ඉරාක කුර්දිස්තාන කලාපයට සහ සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදෙශ වෙත එල්ල කල මිසයිල ප්‍රහාරයත් සමගයි. ඉරානය ප්‍රකාශ කරන්නේ ඉරාන විප්ලවකාරී හමුදාව, ඊශ්‍රායල ඔත්තු සේවා මධ්‍යස්ථානයක් මිසයිල ප්‍රහාරයකින් මේ ආකාරයට විනාශ කර දැමූ බවයි. ඒවගේම සිරියාවේ අයිසිස් ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථාන කිහිපයක්ද තමන් ඉලක්ක කල බව ඉරාකය දැනුම් දී තිබුණා. ඒ අනුව ඉරානය සිදු කල මෙම ප්‍රහාරයට ලෙබනනයේ, සිර්‍යාවේ, ඉරාකයේ සහ යේමනයේ ඉරාන හිතවාදී කණ්ඩායම් වලින් පූර්ණ සහයෝගයක් හිමි වී තිබෙනවා.ඉරානය ඊයේ මෙම ප්‍රහාරය එල්ල කරමින් ප්‍රකාශ කලෙ ඊශ්‍රායලය විසින් ගාසා තිරය තුල ගෙන යන අමානුෂික සටනට සහ ඔවුන්ගේ පසුගිය කාල වකවානුවේ ක්‍රියාකලාපය හෙලා දකිමින් තමන් මෙම ප්‍රහාරය දියත් කල බවයි.