ඊශ්‍රායලය සහ ඉරානය කියන්නේ පරම්පරා ගණනාවක සිටම එකිනෙකා සමග බද්ධ වෛරයෙන් කටයුතු කරන ප්‍රබල රාජ්‍යයන් දෙකක්. මේ රටවල් දෙකේම එකම බලාපොරොත්තුව බවට පත් වී තිබෙන්නේ මැද පෙරදිග ඇති වැඩිම බලය තමන් සතු කර ගැනීමයි. ඉරානය මේ බලාපොරොත්තුව නිසාම හිස්බුල්ලා සහ හමාස් ත්‍රස්තවාදී සංවිධාන වලට සහය දක්වමින්, න්‍යෂ්ඨික අවි නිපදවමින් මැද පෙරදිග යම් කිසි බලයක් අත් පත් කර ගැනීමට සමත් වී සිටිනවා. මේ ක්‍රියාවලීන් වලට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය හොර රහසේම අතිශයින් ප්‍රබල රහසිගත මෙහෙයුමක් ආරම්භ කිරීමට කටයුතු කලා. එහි ප්‍රතිපලයක් ලෙස ඉරානයට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කල ඊශ්‍රායලය, ඉරානය, හමාස් කල්ලිය මෙන්ම රුසියාවත් සුළු මොහොතකට කම්පනය කරවන අපූරු නිමැවුමක් තමන්ගේ හමුදා බල ඝන වලට එකතු කර ගැනීමට සමත් වුනා.