හමාස් විනාශ කරන්න ප්‍රබල ඇමරිකාව එකතුවෙන ලකුණු

ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇතිවෙමින් තිබෙන ගැටුම මේ වන විට එලැබී තිබෙන්නේ තුන්වන මාසයටයි. මෙම ගැටුම් නිසා පලස්තීන සාමාන්‍ය ජනතාව අතරින් 18,700 ක් මිය ගොස් තිබෙන්නේ කණගාටුදායක ආකාරයටයි. 

මේ අතරින් ලෝකය පුරා වඩා වැඩි අවධානයක් හිමි වි තිබෙන්නේ ඉන් බහුතරයක් කාන්තාවන් සහ ළමයින් වීම නිසායි. පලස්තීනයේ භාරකාරීත්වය යටතේ පවතින බටහිර කදවුරේත් සිදු කරන ලද මෙහෙයුම් නිස මේ වන විට 300 කට ආසන්න පලස්තීන වැසියන් ප්‍රමාණයක් මරුමුවට පත් වී තිබෙනවා.  

උතුරු මෙන්ම දකුණු ගාසා තීරයේත් පලස්තීන ජාතිකයන් අතර ආහාර, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සදහා ගැටුම් ඇති වෙමින් තිබෙන පසුබිමක මේ වන විට විශාල අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේ දැඩි කුසගින්නෙන් පෙලෙන පලස්තීන ජනතාව සහනාධාර ට්‍රක් රථ වලින් ආහාර ලැබෙන අවස්ථාවේදීම එතැන සිටම ආහාර අනුභව කිරීමට තරම් කුසගින්නක පෙලෙන බවයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් විස්තර පහත වීඩියෝව තුලින් නරඹන්න

හමාස් විනාශ කරන්න ප්‍රබල ඇමරිකාව එකතුවෙන ලකුණු හමාස් විනාශ කරන්න ප්‍රබල ඇමරිකාව එකතුවෙන ලකුණු Reviewed by paththara wisthara on 9:08 PM Rating: 5

No comments:

Powered by Blogger.