ඊශ්‍රායලය ගාසා තීරය ලෝකයේ දියුණුම රාජ්‍යයක් කරයි

 


“මම ආයෙමත් කියන්න කැමතියි, සටන් විරාමයකට යන එක විසදුමක් නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ විජයග්‍රහණයක් පමණයි. සටන් විරාමය නිසා හමාස් ත්‍රස්තවාදීන්ට ජීවත් වීමට සුළු කාළයක් ලැබුනත්, ඒ අපේ මීලග මෙහෙයුම ක්‍රියාත්මක වෙන තුරු පමණයි.” මේ ප්‍රකාශය පසුගියදා සිදු කලේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසිනුයි. එමෙන්ම ඔවුන්ගේ ලේ තැවරී තිබෙන අත් වලින් සිදු කරන ඉල්ලීම් වලට තමන් හිස නොනමන බවත් නෙතන්‍යාහු මෙහිදී අවධාරණය කලා. සටන් විරාම ගිවිසුම පිලිබදව තමන්ගේ මතය ඉදිරිපත් කරමින් හමාස් ත්‍රස්තවාදීන් සදහන් කර තිබෙන්නේ යුද්ධය සම්පූර්නයෙන්ම නවත්වා දමන්නේ නම් ඊශ්‍රායලයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඔවුන් සූදානම් බවයි. එම ප්‍රකාශය වෙත ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල රජය සදහන් කලේ, ගාසා තීරයේ ඉතිරි ප්‍රදේශ වලටත් තමන්ගේ බල ඇණි යැවීමට තමන් සූදානම් බවයි. 


ඊශ්‍රායලය ගාසා තීරය ලෝකයේ දියුණුම රාජ්‍යයක් කරයි ඊශ්‍රායලය ගාසා තීරය ලෝකයේ දියුණුම රාජ්‍යයක් කරයි Reviewed by paththara wisthara on 2:31 AM Rating: 5

No comments:

Powered by Blogger.