ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ චෝදනාවට ලක් වෛද්‍ය කපිල වික්‍රමනායකට ඇප
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දවසක සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතවී සිටි වෛද්‍ය සැපයුම් වංශයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇප මත මුදා හොයන ලෙස අභ්‍යාචනාධිකාරිය නියෝග කළා.
වෛද්‍ය කපිල වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ රීට් පෙස්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකාරයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
අනතුරුව මෙම සිද්ධිය සිදුවූ කාලවකවානුවේ පෙත්සම්කාර වෛද්‍යවරයා විදෙස්ගත වී සිටි බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය නොවූ බවත් සඳහන්.
මෙම පෙත්සම විභාගයට නැවත සැප්තැම්බර් මස 12 වැනිදා කැඳවන ලෙසට නියෝග කළා.
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ චෝදනාවට ලක් වෛද්‍ය කපිල වික්‍රමනායකට ඇප
Reviewed by Idapz Digital
on
12:03 AM
Rating:

No comments: