මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ.



 හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "තොටළඟ කන්නා" නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඊයේ (11) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ  විනිසුරු මංජුල තිලකරන්න මහතා මෙම තීන්දුව ලබා දුන්නා.

2014  වසරේ දෙසැම්බර් මස 26 වන දා ඇළකන්ද ප්‍රදේශයේදී  හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් තොටළඟ කන්නා නමැත්තාට එරෙහිව නිතිපතිවරයා නඩුව ගොනුකර තිබුනා.නඩු විභාගය පැවති අවස්ථාවේදී ඇප ලබා සිටි විත්තිකරු අධිකරණය මගහැර පලා යාම හේතුවෙන් එම විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්වුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බව සඳහන් කල අතර,ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා මෙහිදී නියෝග කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ. Reviewed by paththara wisthara on 9:03 PM Rating: 5

No comments:

Powered by Blogger.