ඊශ්‍රායල හමුදා විසින් දිගින් දිගටම එල්ල කරමින් සිටින කාලතුවක්කු ප්‍රහාර නිසා මේ වන විට ගාසා තීරයේ රැදී සිටින සරණාගතයන් අන්ත අසරණ තත්වයට පත් වී තිබෙනවා. මේ ආකාරයට දිගින් දිගටම සරනාගත කදවුරු වලට එල්ල වන ප්‍රහාර නිසා අල් මඝාසි සරණාගත කදවුරේ පලස්තීන ජාතිකයන් 47 කට වැඩි පිරිසක් මරණයට පත් වී තිබෙනවා. ඒවගේම දහස් ගනනක් සරනාගතයින් රැදී සීටින ජබාලියා කදවුරට එල්ල වූ ශෙල් බෝම්බ ප්‍රහාර නිසා මේ වන විට කදවුරට ජලය සැපයෙන ප්‍රධාන ජල මාර්ගයත් විනාශ වී ගොස් අවසන්. මෙම දරුණු ප්‍රහාර නිසා ගාසා තීරයේ දිනෙන් දින මිය යන පිරිස ඉහල යමින් තිබෙන අතර මේ වන විට පලස්තීන ජාතිකයන් 9500 කට ආසන්න පිරිසක් කණගාටුදායක ලෙස ඝාතනය වී තිබෙනවා. 

 මේ වන විට යුධ ගැටුමේ නවතම තොරතුරු රැසක් පහත තිබෙන වීඩියෝව නරඹා දැනගන්න..