ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර මාස තුනකට අධික කාලයක් පුරා සටන් සිදු වෙමින් පවතින අතර, මේ වන විට මෙම යුද්ධය මැද පෙරදිග දක්වා ව්‍යාප්ත වී යාමේ අවධානමක් පිලිබදවද මතයක් පල වී තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා ඊයේ සදහන් කලේ හමාස් ත්‍රස්තවාදීන් මුළිනුපුටා දැමීම සදහා ඊශ්‍රායලය මේ වන විට තමන් සතු ඉහළම තාක්ෂණය භාවිතා කරමින් සිටින බවයි. ඊශ්‍රායලය විසින් සිදු කරමින් සිටින හමුදා මෙහෙයුම් මන්දගාමී බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කලත් ඊශ්‍රායලය මේ වන විට ලෝකයේ නවීනතම හමුදා උපක්‍රම, ආයුධ, වාහන භාවිතා කරමින් සිටින අතර හමුදා ඒකකවල ව්‍යුහයේ පවා නව්‍යකරණයන් සිදු කරමින් සිටිනවා.ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කල ඊශ්‍රායල හමුදා මේ වන විට ගාසා තීරයේ හදවත ලෙස හැදින්වෙන ඛාන් යුනිස් නගරයේ දිගින් දිගටම මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.