Xiaomi දුරකථන සමාගම කියන්නේ පසුගිය කාල වකවානුවේදී නැගී ආපු දුරකථන සමාගමක් කියන එක අපි දන්න කාරණයක්. ඇපල්, සැම්සුන්ග් වගේ ස්මාර්ට් ෆෝන් වලට හොදට තරගයක් දීපු Xiaomi සමාගම, ස්මාට් දුරකථන වෙළදපලේ කැපී පෙනෙන බලවතෙක් බවට පත් වෙන්න පසුගිය කාලවකවානුව තුල සමත් වුනා. 2023 වසර අවසාන වෙලා 2024 ලබද්දීම Xiaomi සමාගම යෝධ පියවරක් තබන්න සමත් වුනා. ඒ Xiaomi සමාගමට අයත් සුපිරි මෝටර් රථයක් නිර්මාණය කරමිනුයි.

ඔවුන් මෙසේ නිර්මාණය කලේ විද්‍යුත් එහෙමත් නැතිනම් ඉලෙක්ට්‍රොනික මෝටර් රථයක් වීම බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වුණු කාරණයක් බවට පත් වුනා. මේ මෝටර් රථය ඔවුන් හදුන්වා තිබෙන්නේ “අධිවේගී” එසේත් නැත්නම් speed ultra යන නාමය යටතේයි. ඔවුන් නිකුත් කර තිබෙන මෝටර් රථයේ SU යන අක්ෂර දෙක දකින්නට ලැබෙන අදර මෙම මාදිලිය නම් කර තිබෙන්නේ SU 7 යනුවෙනුයි. මෙම මෝටර් රථයට සුපිරි විද්‍යුත් මෝටර් රථ තාක්ෂණය අන්තර්ගත කර තිබෙන අතර Xiaomi සමාගම ප්‍රකාශ කරන්නේ මෙම මොටර් රථය අධි තාක්ෂණික මෝටර් රථයක් බවයි. සුප්‍රකට ඇමරිකානු විද්‍යුත් මෝටර් රථ මාදිලියක් වෙන ටෙස්ලා මෝටර් රථය වගේම යුරෝපීය පෝර්ෂේ විද්‍යුත් මෝටර් රථයටත් වඩා වැඩි පහසුකම් සහ වේගයක් මෙම සියෝමි මෝටර් රථයට පවතින බව සදහන්.

මෙම සුපිරිම කාර් එකේ තවත් වැඩි විස්තර පහත තිබෙන වීඩියෝව තුලින් නරඹන්න..