ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ලෝකයේ තියෙන බලගතුම රට කියල අපි දන්නවා. ඒ වගේම තමයි මුළු ලෝකයම පාලනය කරන්න තරම් බලයක් හැකියාවක් මේ රටට තියෙනවා. ධවල මන්දිරය කියන්නේ ලෝකයේ බලවත්ම රටේ නායකයා එහෙමත් නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා නවාතැන් ගන්නා සුඛෝපභෝගී මන්දිරයටයි. ලෝකයේ තියෙන ආරක්ෂාව අතින් ඉහල, අක්කර 18 ක් පුරා පැතිරී පවතින ධවල මන්දිරය තුල මෙතෙක් ලෝකයට හෙලි නොකෙරූ රහස් විශාල ප්‍රමානයක් තිබෙන බව බොහෝ දෙනෙකුගේ මතයක් බවට පත් වෙලා තියෙනවා. ඒවගේම තමයි ලෝකයම පාලනය කරන්න පුළුවන්, අධි ආරක්ෂාව සහිත කාමරයක් මේ ධවල මන්දිරය තුල පිහිටලා තියෙනවා. “සිටුවේෂන් රූම්” කියලා හදුන්වන මේ කාමරය මොන වගේ එකක්ද? මේ කාමරය ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවද? අද විඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි.