එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යනු එකම පක්ෂයේ කැඩුණු කොටස් දෙකක් - සාගර කාරියවසම්


එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යනු එකම පක්ෂයේ කැඩුණු කොටස් දෙකක් බවත්,ඔවුන් දෙගොල්ලන් තුලම තිබුනේ එකම ප්‍රතිපත්ති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා.ඒකීය ශ්‍රී ලංකාවක් ගැන විශ්වාසය තැබූ නායකයෝ සහ ලංකාව ඒකීය භාවය රකිනවා කියා නිර්භීතව ප්‍රකාශ කල නායකයෝ මෙම පක්ෂවල නොසිටි බවත් ඔහු සඳහන් කරනවා.මාධ්‍යවේදියෙක් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු  මෙම අදහස් පලකලා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ඊට වෙනස්වූ ප්‍රතිපත්ති දරන ශ්‍රී ලංකාවේ ඒකීය භාවය පිළිබඳව කිසිඳු පැකිලීමකින් තොරව ප්‍රකාශ කල හැකි පක්ෂයක් බවයි.එසේම මේ රටේ ආර්ථිකය,දේශීය කර්මාන්තකරුවන්, දේශීය ගොවියන් සහ දේශීයයත්වය  මුල්කරගෙන ජාතික ආර්ථිකයක් ගොඩ නැගිය යුතුයි සහ මේ රට සංවර්ධනය කිරීමේදී මේ රටේ තිබෙන සාරධර්ම, සංස්කෘතිය රැකගෙන ඉදිරියට යායුතුයි කියල විශ්වාස කරන පක්ෂයක් බවත් ඔහු සඳහන් කළා.එසේම කිසිම විටෙක මෙම සන්ධානයක් සමග තම පක්ෂය එකතු නොවන බවද ඔහු සඳහන් කර සිටියා.



එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යනු එකම පක්ෂයේ කැඩුණු කොටස් දෙකක් - සාගර කාරියවසම් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යනු එකම පක්ෂයේ කැඩුණු කොටස් දෙකක් - සාගර කාරියවසම් Reviewed by paththara wisthara on 9:05 AM Rating: 5

No comments:

Powered by Blogger.