ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික අපයෝජන චෝදනා පිළිබඳ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණය දින නියම කර තිබෙනවා.

චෝදනාවට අදාළ නඩු විභාගය අද (21) අවසන් කරමින් විනිසුරු සාරා හගට් මහත්මිය නිවේදනය කර ඇත්තේ සිය තීන්දුව ලබන 28 වැනිදා ප්‍රකාශයට පත්කරන බවයි..

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ගොස් සිටි අතරතුර ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික හිංසන සිදුකළ බවට ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විසින් එරට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුනා.මේ වන විට වාර්තා වන අලුත්ම විස්තරය දැනගන්න පහත වීඩියෝව නරඹන්න.