ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියා, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඔහු ඉල්ලීමක් සිදු කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ ඊශ්‍රායලයට පලස්තීනයේ රෝහල් පද්ධති ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්තාන වලට ප්‍රහාර එල්ල කිරීමෙන් වලකින ලෙසයි. එසේ නොකරන ලෙසට ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙසත් ඔහු එහිදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා තිබෙනවා.

 තව දුරටත් කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ රෆා පිවිසුම් දොරටුව විවෘත කිරීම සදහා ඊජිප්තුව ඇතුළු ඊශ්‍රායලයට පීඩනයක් එල්ල කිරීම ජාත්න්‍යන්ටර ප්‍රජාවේ වගකීමක් බවයි. එමෙන්ම මෙම මෙහෙයුම් නිසා ගාසා තීරයේ රෝහල් වලට දැඩි හානි සිදු වී ඇති බවත් එම රොහල් තුල තුවාල ලැබූ සහ සරණාගත වූවන් දහස් ගණනින් රැදී සීට්න බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

තවත් විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න..