කාලගුණය කියන්නේ අපිට හරියටම අනාවැකි කියන්න බැරි වුනත් නිසි පුරෝකථන සිදු කිරීම් මගින් අනතුරු වලක්වා ගන්න පුළුවන් තත්වයක් කියන එක අපි දන්නවා. ඉතින් මේ වෙනකොට ලෝකය පුරාම අපිට අහන්න දකින්න හම්බෙන්නේ ඒ තරම් යහපත් කාලගුණික තත්වයන් ගැන නම් නෙමෙයි. ආසියාතික රටවල් වල වගේම යුරෝපා රටවල් වලත් කාලගුණය නිසා මේ වෙනකොට බරපතල ගැටළු ඇති වෙලා අවසානයි. 

ලෝකය පුරා පැතිරිලා තියෙන මේ අයහපත් කාලගුණය ගැන වගේම, අපේ රටේ කාලගුණයේ ඉදිරි තත්වය ගැනත් 2024 වසරේ අපිට මුහුණ දෙන්න වෙන කාලගුණික අභියෝග ගැනත් අපි අද විඩියෝවෙන් කතා කරමු. 

කාලගුණය නිසා මේ වෙනකොට දැඩි පීඩාවකට පත් වී තිබෙන්නේ අපේ අසල්වැසි රට වෙන ඉන්දියාවයි. පැයට කිලෝමීටර 110 ක පමණ වේගයෙන් යුත් මිජවුම් චන්ඩ සුළු කුණාටුව, ඊයේ දිනයේ පෙරවරු 11 ට පමණ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දකුණු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුල් වී තිබෙනවා. 

ඒ අනුව සුලි කුනාටුවේ මුල්ම බලපෑම සිදු වුනේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ බාපට්ලා ප්‍රදේශයටයි. කුණාටුවේ බලපෑම නිසා එම ප්‍රදේශයේ මුහුදු රළ මීටර් 1.5 ක් තරම් ඉහළ ගොස් තිබෙනවා. 

තවත් බොහෝ තොරතුරු දැනගන්න පහත වීඩියෝව තුලින් ඔබට නරඹන්න පුළුවන්.දැන්ම වීඩියෝව නරඹන්න.