ආයේමත් කිසිම දවසක ගාසා තීරය, ඊශ්‍රායලයට තර්ජනයක් වෙන එකක් නැහැ. ඒවගේම මේ ප්‍රතිප්‍රහාරය මතක නම් ගාසා තීරයේ ජීවත් වෙන කිසිම කෙනෙක් ත්‍රස්තවාදයට උදව් කරන, ත්‍රස්තවාදයට සහය පල කරන කෙනෙක් වෙන්නෙත් නැහැ. හමාස් ත්‍රස්තවාදීන්ට ඕන උනේ අපිව විනාශ කරන්න. ඒ වුනත් මේ වෙනකොට එයාලගේ විනාශය පටන් ගෙන ඉවරයි.” 

මේ ප්‍රකාශය සිදු කලේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු විසින්, තවමත් නිදහස් නොවූ ප්‍රාණ ඇපකරුවන්ගේ පවුලේ සාමාජිකයන් සමග ඊයේ සිදු කල සාකච්ජාවකදීයී. 

ඒ වගේම මේ සාකච්ජාවේදී ඔහු තවත් වැදගත් හෙළි දරව්වක් සිදු කලා. ඔහු සදහන් කලේ මේ වන විට හමාස් ත්‍රස්තවාදී කල්ලියේ ප්‍රධාන පෙලේ නායකයන්ගෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම ඝාතනය කර තිබෙන බවයි.

තවත් බොහොමයක් වටිනා විස්තර දැනගන්න පහත තිබෙන වීඩියෝව නරඹන්න..