ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදී කල්ලිය අතර යුද්ධයේ වර්තමාන තත්වය කුමක්ද? අද විඩියෝවෙන් අපි සූදානම් වෙන්නේ වෙනදා වගේම ඔබ මාධ්‍ය වලින් නොදකින නොඅසන සුවිශේෂී තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්නයි. ගාසා තීරය ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට බෙදී යනවා. වර්තමානය වන විට මෙම ප්‍රධාන කොටස් තුනේම සක්‍රීය ලෙස ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. මේ අතරින් ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන හමුදා අනු ඛන්ඩය මෙහෙයුම් වල නිරත වෙන්නේ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේයී.  මෙම ප්‍රදේශයේ සිදු කල මෙහෙයුම් වලින් ත්‍රස්තවාදීන් 8000 ක් ඝාතනය කෙරුණු අතර අවි ආයුධ 30,000 කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ බාරයට ගැනීමට ඊශ්‍රායල හමුදා කටයුතු කලා. ගාසා තිරයේ උතුරු සහ දකුණු ප්‍රදේශයට කොරිඩෝවක් ලෙස ක්‍රියාත්මක වෙන ගාසා තීරයේ ප්‍රධාන දෙවන කොටස තුල ඊශ්‍රායල හමුදා මෙහෙයුම් විශාල වශයෙන් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම මෙ වන විට ඊශ්‍රායල හමුදා ප්‍රධාන තැනක් ලබා දී තිබෙන්නේ ඛාන් යුනිස් නගරය වෙතයි.

තවත් බොහොමයක් විස්තර පහතින් නරඹන්න..