ඊශ්‍රායල සහ හමාස් ත්‍රස්තවාදින් අතර යුධමය වාතාවරණයක් ඇති වුනේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වෙනිදා හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයේ සිදු කල දරුණු ප්‍රහාරයත් සමගයි. නිවෙස් වලට පැන කපා කොටා යුදෙව්වන් ඝාතනය කල මෙම ත්‍රස්තවාදීන්ට පෙරලා ප්‍රහාරයක් එල්ල කිරීම සදහා ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කලේ ඉන් පසුවයි. 

මේ ගොඩබිම් මෙහෙයුම් වලදී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත් වී තිබෙන්නේ ඔක්තෝම්බර් 7 වෙනිදා අමානුෂික ඝාතනයේ මහ මොළකරුවන් සොයා ඝාතනය කිරීමයි. එම ඉලක්කය සාක්ෂාත් කර ගනිමින් හමාස් ත්‍රස්තවාදී කල්ලියේ ප්‍රධානම නායකයෙක් වෙන “බිලාල් අල් කුදාර්” ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා පසුගිය ඉරිදා දිනයේදී සමත් වී තිබෙනවා. ඔහු හමාස් කල්ලියේ ප්‍රධාන කණ්ඩායමක් වෙන ඛාන් යුනිස් නගරයේ නුක්බා කල්ලියේ කමාන්ඩෝවරයෙක් ලෙස කටයුතු කල අතර ඊශ්‍රායල හමුදාවේ ශින් බෙට් හමුදා ඛන්ඩය විසින් එල්ල කල ඉලක්ක ගත ගුවන් ප්‍රහරයකින් මිය ගිය බව නිළ වශයෙන් වාර්තා කර තිබෙනවා. ඔක්තෝම්බර් 7 වෙනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරය සැලසුම් කල කිහිප දෙනා අතරේ එක් ප්‍රධානියෙක් වන්නේ ඔහුයි.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු පහත තිබෙන වීඩියෝව තුලින් දැනගන්න පුළුවන්.



පත්තරේ අපත් සමග හැමදාම එකතුවී, අපගේ වීඩියෝ නරඹන ඔබට ස්තුතියි..නැවතත් මෙවැනි වූ වටිනා වීඩියෝවකින් හමුවෙමු..ඔබට සුබ දවසක්..!!