රටම සලිත කරමින් මාතර සිදුවූ කේදවාචකය

 


මාතර, ප්‍රීති බ්‍රවුන්සිල් ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් ලෙස සේවය කළ  67 හැවිරිදි හා 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස‍ ඝාතනය කර තිබෙනවා.

නිවසේ හිමිකාරිය නිවසට යළි පැමිණ සොයාබැලීමේ දී මෙහෙකාරියන් දෙදෙනා නොමැති බවට නිරීක්ෂණය වී ඇති අතර සිදුකළ සොයාබැලීමක දී නානකාමරය තුළ හා වැසිකිළිය තුළ තිබී ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

නිවස පරීක්ෂා කිරීමේ දී අල්මාරියක් තුළ තිබූ රත්‍රං නොවන වළලු 12ක්, මාල 2ක්, රන් පැහැති හැඳි 1ක් සහ විදේශ මුදල් කාසි 39ක් ඇතුළු දේපළ සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තුඩාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අදාළ දේපළ සොයාගත් බව පොලීසිය පවසනවා 

රටම සලිත කරමින් මාතර සිදුවූ කේදවාචකය රටම සලිත කරමින් මාතර සිදුවූ කේදවාචකය Reviewed by paththara wisthara on 5:19 AM Rating: 5

No comments:

Powered by Blogger.