ඊශ්‍රායලයට තවත් සංවිධානයකින් ප්‍රහාරයක්

ඊශ්‍රායල හමාස් යුද්ධයට දින 76 ක් ගත වී තිබෙන අද දිනයේ නැවතත් ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුනා. මෙම ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම හිස්බුල්ලා ත්‍රස්තවාදී කණ්ඩායම බාර ගෙන සිටින අතර මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ඊශ්‍රායලයේ කිර්යට් ශ්මෝනා නගරයටයි. 

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම නගරයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය වහාම ක්‍රියාත්මක වී ඇති අතර ඒ සමගම හිස්බුල්ලා ත්‍රස්තවාදීන් එල්ල කල රොකට් ප්‍රහාරය නගරයට පතිත වී තිබෙනවා. කිර්යට් ශ්මෝනා නගරය ලෙබනන දේශ සීමාව අසල පිහිටා ඇති නගරයක් වන අතර ජාත්‍යන්තර පාර්ශව දිගින් දිගටම චෝදනා කරන්නේ හිස්බුල්ලා සටන් කාමීන්ට ඉරානයේ සහය දිගින් දිගටම හිමි වන බවයි. ඔවුන් මෙම ප්‍රහාරය දියත් කර තිබෙන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ සිදු කරන හමුදා මෙහෙයුම් වලට විරෝධය දැක් වීම සදහායි. 

ඔවුන් එල්ල කල රොකට් ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. මේ වන තුරුත් ඊශ්‍රායලයෙන් මේ පිලිබදව ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ත්‍රස්තවාදීන් එල්ල කල රොකට් ප්‍රහාර 8 න් 5 ක් ම ඊශ්‍රායල ස්වයංක්‍රීය රොකට් නාශක පද්ධතිය මගින් අවහිර කර තිබෙනවා. 

මෙම දරුණු  ප්‍රහාරය ගැන තවත් විස්තර පහත තිබෙන වීඩියෝව තුලින් දැනගන්න..




ඊශ්‍රායලයට තවත් සංවිධානයකින් ප්‍රහාරයක් ඊශ්‍රායලයට තවත් සංවිධානයකින් ප්‍රහාරයක් Reviewed by paththara wisthara on 1:07 AM Rating: 5

No comments:

Powered by Blogger.