ඊශ්‍රායලය විජයග්‍රහණයක් අභියසට එයි

 


ඊයේ රාත්‍රිය තුලදී ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් තමන්ගේ 98 වන බලඝනය භාවිතා කරමින් ඛාන් යුනිස් නගරයේ ත්‍රස්තවාදී ඉලක්ක 20 කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට සමත් වුනා. 

තව දුරටත් තමන්ගේ ප්‍රහාර තීවෘ කරමින් ත්‍රස්තවාදීන් සොයා බිම් අගලක් අගලක් පුරා පීරා යන ඊශ්‍රායල සොල්දාදුවන්, ඊයේ හවස් වරුවේදී ආර් පී ජී තුවක්කු රැගත් හමාස් ත්‍රස්තවාදී කමාන්ඩෝ කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම ඝාතනය කර තිබෙනවා. 

මීට දින කිහිපයකට පෙර ඊශ්‍රායල ආරක්ෂක අංශය නිවේදනය කලේ හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රධාන නායකයන් දෙදෙනෙක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මරුමුවට පත් වූ බවයි. ඒ අතරින් ඝාතනය වූ එක් ප්‍රධාන නායකයෙක් බවට පත් වුනේ අබ්දෙල් අසිස් රන්ටිසි නම් ත්‍රස්තවාදී නායකයායි. 

මේ වන විට ඊශ්‍රායලය සිටින්නේ ජයග්‍රහණයක් අභියස වූවත් තවමත් ගාසා තීරය තුල සටන් වල කිසිදු අඩුවක් දකින්නට ලැබෙන්නේ නැහැ.

මේ සම්බන්ධව තවත් විස්තර බොහොමයක් දැනගන්න පහත තිබෙන වීඩියෝව දැන්ම නරඹන්න.



ඊශ්‍රායලය විජයග්‍රහණයක් අභියසට එයි ඊශ්‍රායලය විජයග්‍රහණයක් අභියසට එයි Reviewed by paththara wisthara on 5:05 AM Rating: 5

No comments:

Powered by Blogger.